Press "Enter" to skip to content

එළිමහනේ වැඩකරමින් සිටි පුද්ගලයෙක් එක් වරම ඇදවැටි මරුට

හැටන් – හිජිරාපුර ප්‍රදේශයේ ස්ථානයක පස් කැපීමක නිරතව සිටි පුද්ගලයෙක් හදිස්සියේ ඇද වැටි මිය ගොස් තිබේ. දේහය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා දික්ඔය රජයේ මුලික රෝහලට යොමුකල බව හැටන් පොලීසිය පවසයි.

මෙසේ මිගියේ පුගාවනම් පෙරුමාල් නමැති 70 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

බගවන්තලාව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන ඔහු මෑතක සිට හිජිරාපුර ප්‍රදේශයේ කූලි පදනම මත ලබාගත් නිවසක වාසය කරමින් සිට ඇත. ඊයේ (15) දහවල් හිජිරාපුර ප්‍රදේශයේ නිවයසක දෛනික වැටුපට පස් කැපිමේ කටයුත්තක නිරතව සිටියදි ඇද වැටි එම ස්ථානයේ ම මිය ගොස් තිබු අතර මරණ පරික්ෂණය පැවැත්ම සදහා දික්ඔය රෝහලේ තැන්පත් කර තිබිණ.

පසුව අද (16) දිනයේ දී PCR පරික්ෂණය සිදුකොට නුවරඑළිය රෝහලට යවා ඇති අතර ප්‍රථිපල ලැබීමෙන් පසු ඉදිරි පරික්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට නියමත බව දික්ඔය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම පුද්ගලයා පස් කපමින් සිටින අයුරු හා ඇද වැටි මියයන අයුරු අසල තිබු ගොඩනැගිල්ලක සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබින.

More from GossipMore posts in Gossip »