කැස්බෑවන් හා ඩොල්ෆින් වැනි සාගර ජීවීන් හදිසියේ මිය යන්නේ ගිනිගත් නෞකාවේ තිබූ කිසියම් විෂ රසායනික ද්‍රව්‍යවල බලපෑමෙන් බවද මේ වන විට අවට මුහුදේ කැස්බෑවන් 400ක් සහ ඩොල්ෆින් ජීවීන් 80ක් පමණ සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවට විශ්වාස කළ හැකි බවද පරිසරවේදී නයනක රන්වැල්ල මහතා සඳහන් කරයි.
වාරකන් නිසා කැස්බෑවන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් මිය ගොස් ගොඩ ගසන බව කීම පදනම් විරහිත ප්‍රකාශයක් බවත් නැව ගිනි ගැනීමෙන් පසුව මෙම සතුන් මිය යෑමට පටන් ගෙන තිබීම නිසා මෙම මියයෑම කිසියම් රසායනික ද්‍රව්‍යවල බලපෑමක් නිසා සිදුව ඇති බවට ස්ථිර වශයෙන් ම ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා පැවසීය.
මිය ගොස් තිබියදී සොයා ගෙන තිබෙන පොතු කැස්බෑවා වඳවීමට ලක්වෙමින් පවතින සතකු බවත් එසේම කල්පිටිය ප්‍රදේශයේදී මියගොස් ගොඩගසා තිබූ ඩොල්ෆින් ජීවීන් අද කිලෝමීටර් විසි පහක පමණ ගැඹුරු මුහුදේ ජීවත් වන මත්ස්‍යයෙකු බවත් ඉන් හැඟෙන්නේ එම විය රසායන ද්‍රව්‍ය සෑහෙන දුරකට බලපා ඇති බවත් යැයි ඒ මහතා කීය.
මෙම සතුන්ගේ මිය යාම සම්බන්ධයෙන් රසායනික පරීක්ෂණ සිදුකිරීම සඳහා එම සිරුරු රස පරීකෂක දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට යවා ඇතත් ඒ සම්බන්ධ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් ඒ මහතා පැවසීය.






