Press "Enter" to skip to content

පෙකනිවැල පිටින්ම බිලිඳු සිරුර පාළු ළිඳකට දමලා

පෙකනිවැල පිටින්ම ජාවත්ත කිරිමැටියාවත්ත ප‍්‍රදේශයේ පාලූ ළිඳකට දමා තිබූ දිනක් වයසැති බිලිඳු මළ සිරුරක් උතුරු කළුතර පොලිසිය මගින් පෙරේදා (13 දා) සොයාගෙන ඇත.

මෙම බිලිඳු මළ සිරුර මීට දින දෙකකට පමණ පෙර මෙම ළිඳට දමන්නට ඇතැයි සැකකෙරේ. එම ප‍්‍රදේශයේ ගවයන් ගැට ගැසීමට ගිය පුද්ගලයකු දුඟඳක් හැමීම නිසා ළිඳට එබී බැලීමේදී මෙම බිලිඳු සිරුර දැක ඒ බව පොලිසියට දන්වා තිබේ.

උතුරු කළුතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු බිලිඳු මළ සිරුර නිරීක්‍ෂණය කළ කළුතර අතිරේක මහෙස්ත‍්‍රාත් එන්. නානායක්කාර මහත්මිය ඒ පිළිබඳව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පි‍්‍රයංක සිල්වා, ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක මහේෂිකා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජීවන් කුමාර, පොලිස් සැරයන් පුෂ්පකුමාර (1929), කාන්තා පොලිස් සැරයන් නිල්මිණි (2013) හා පොලිස් කොස්තාපල් පෙරේරා (13346) යන මහත්ම මහත්මීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »