Press "Enter" to skip to content

ඈත මුහුදේ අතරුදන් වු ධීවරයා කිලෝ මීටර් 30ක් පිහිනා ගොඩබිමට

කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා මන්නාරම වෙරළ තීරයට පැමිණ සිටියදී ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ බව බව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කල්පිටිය ආණවාසල ජනසවිපුර පදිංචි එම්මානුවෙල් දිලාන් කොස්තා නම් එක් දරු පියෙකි.මොහු කිලෝ මීටර 30 කට ආසන්න දුරක් මුහුදේ පිහිනා මෙසේ වෙරළ තීරයට පැමිණ ඇත.

මෙම ධීවරයා පසු ගිය 9 දින රාත්‍රියේ තවත් ධීවරයකු සමග මුහුදට ගොස් ඇති අතර මුහුදේ කිමිදී මසුන් මරණ අතර මේ ධීවරයා අතුරුදහන්ව තිබිණි. ඔහුගේ සහායක ධීවරයා 10 දින රාත්‍රියේ ධීවර යාත්‍රාව සමග තනිව ගොඩ බිමට පැමිණ මේ බව දන්වා ඇත

කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »