15 හැවිරිදි දැරියකට අතවර කළ 56 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයකු මැදගම පොලිසිය මගින් පෙරේදා (09 දා* අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක්වූ දැරිය නිවස පහළ ළිඳේ දිය නාමින් සිටියදී එම ස්ථානයට පැමිණි සිවිල් ආරක්ෂක භටයා ඇයට ලිංගික අතවර සිදුකර ඇත. එම
අවස්ථාවේදී දැරියගේ මව කුලී වැඩට ගොස් සිටි බවත්, මල්ලිලා දෙදෙනා අසල නිවසකට සෙල්ලම් කිරීමට ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු බිබිල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මැදගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රභාත් දිසානායක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






