Press "Enter" to skip to content

දින 10ක් තුළ කොවිඩ් මරණ 500ක්

මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ, දිනක් තුළ රජය තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වන මරණ 101ක් වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කිරීමත් සමගය.

මෙරට කොවිඩ් මරණ සිදුවූ රටාව සලකා බලනවිට පළමු මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ අතර දෙවැනි මරණ 500 වාර්තා වූයේ දින 72ක් තුළදීය.

නමුත් කොවිඩ් මරණ 1,000 සිට 1,500 දක්වා ඉහළ යාමට ගතවී ඇත්තේ දින 13කි.

ඉන් අනතුරුව 1,500 සිට 2,000 දක්වා ඇති මරණ 500 සිදුවීමට ගතවී ඇත්තේ දින 10ක් පමණක් බව එම මරණවල දත්ත සලකා බැලූ විට පැහැදිලි වේ.

More from GossipMore posts in Gossip »