Press "Enter" to skip to content

පළමුවරට CID ඉහළම පුටුවකට කාන්තාවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවරට කාන්තාවක් පත්කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය පරිදි මෙසේ එම තනතුරට පත්කර ඇත්තේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියයි.

2007 වසරේදී ඇය සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස සේවයට බැඳී තිබේ. රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිතයත්, විවෘත විශ්වවිද්‍යාලයේ නීති වේදී උපාධියත් ඇය විසින් ලබාගෙන ඇති අතර ඇමෙරිකාවේ, තායිලන්තය,මැලේසියාව හා ඉන්දියාවේදී තවත් පාඨමාලා හදාරා ඇත.

ඇය නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් නිශ්කාශන වාර්තා ඒකකයේ රාජකාරී කර තිබේ.

More from GossipMore posts in Gossip »