Press "Enter" to skip to content

සංචරණ සීමා ලබන 21 දක්වා දීර්ඝ කරයි

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා නීතිය ලබන 21 වැනිදා සදුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට පෙර තීරණය කර තිබුනේ ලබන 14 වැනිදා අළුයම 4.00ට සංචරණ සීමා ලිහිල් කිරීමටයි.

කෙසේ වෙතත් රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.