නව ලෝක වාර්තාවක් තබමින් දකුණු අප්‍රිකාවේ මවක දරුවන් 10 දෙනකුට උපත ලබා දී ඇත.
දරුවන් දස දෙනාගෙන් හත් දෙනකු පිරිමි දරුවන් වන ඉතිරි තිදෙනා ගැහැනු දරුවෝ ය.
ස්කෑන් පරීක්ෂාවට යොමු කළ අවස්ථාවේ පෙන්වූයේ දරුවන් අට දෙනකු බවත් දරුවන් දස දෙනකු ලැබීමෙන් තමන් පුදුමයටත් විස්මටටත් පත් වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දරුවන්ට උපත දුන් ගෝෂාමි තමාරා ෂිත්හෝල්ස්ගේ ස්වාමි පුරුෂයා පැවැසීය.
දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය බලධාරියකු ද මේ පුවත තහවුරු කර ඇත.
දරුවන් පස් දෙනකු ස්වභාවිකව උපත ලබා ඇති අතර ඉතිරි පස් දෙනා සිසේරියන් සැත්කමක් මගින් ප්‍රසූත කර ඇති බව ද වාර්තා විය.
ඉකුත් මාසයේ දී මාලි හි 25 හැවිරිදි මවක වූ හලීමා සිසේ දරුවන් නව දෙනකුට උපත ලබාදුන් අතර ඔවුන් මේ වන මොරොක්කෝවේ සායනයක යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මවක 2009 වසරේ දී දරුවන් අට දෙනකුට උපත දුන් අතර එක් අවස්ථාවකදී වැඩිම දරුවන් සංඛ්‍යාවකට උපත ලබා දීමේ සහ එම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීමේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ද ඇය යි.
බී.බී.සී. ඇසුරිනි


!["Woman gives birth to 10 babies": [Guateng Gosiame Thamara Sithole] born '10 babies-decuplets in South Africa'](https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/11FFD/production/_118852737_womangivesbirthto10babies-guatenggosiamethamarasitholeborn'10babies-decupletsinsouthafrica'.jpg)






