Press "Enter" to skip to content

හෝමාගම මළගෙදරකින් ආසාදිතයින් 25 ක්

හෝමාගම පිටිපන ප්‍රදේශයේ මළ ගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනකු හඳුනාගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප්‍රියන්ත විජේසුරිය මහතා පවසයි.

නිවාස 14 ක තවත් පුද්ගලයන් 64 දෙනෙක් නිරෝධායනය කළ බවත් සෞඛ්‍ය නිලධාරීවරයා සදහන් කරයි.

මිය ගිය කාන්තාවගේ පී සී ආර් පරීක්ෂණයේ වාර්තාව ඒමට පෙර ඇයගේ ඥාතීන් විසින් නිවසේ ටකරන් මඩු ඉදිකර මළ ගෙදරට සූදානම් විම හේතුවෙන් මෙම පිරිස ආසාදිතයන් බවට පත් වී ඇතැයි ඔහු සදහන් කරයි.

එම කාන්තාව ඉකුත් 29 වන දා මියගොස් ඇති අතර මියයාමෙන් අනතුරුව සිදුකල පී සී ආර් පරීක්ෂණයකදී එම කාන්තාවට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ .

More from GossipMore posts in Gossip »