Press "Enter" to skip to content

කලාපේ ගාමන්ට් කොරෝනා නීති නොතකා වැඩ.. PHI ලාට ඇතුළුවීමට නොදේ..

කිසිදු මහජන පරීක්ෂකවරයෙකුට රට තුල ඇති නිදහස් වෙලද කලාපයන් නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා සඳහන් කරන්නේ රටපුරා පිහිටි නිදහස් වෙළඳ කලාප මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තහනම් කලාපයක් බවට පත්කර තිබෙන බවයි.

මෙම කලාපයන් තුළ ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සේවාවන් ලබා ගනිමින් ඇති බව ද ඔහු චෝදනා කරයි.

ඒවායේ ඇතැම් කලමණාකරුවන් එන්නත් පවා අවභාවිතා කරන්නේ යැයි පැමිණිලි ලැබී ඇතැයිද බාලසූරිය මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කළ යුතු සේවකයන් කවුදැයි තීන්දු ගන්නේ පවා ආයතනවල කළමනාකරුවන් විසින් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

More from GossipMore posts in Gossip »