Press "Enter" to skip to content

වැල්ලවායේ නිවසක සිටි දොස්තර හා බිරිඳ නිදියහනේදීම මියයයි

වැල්ලවාය පොලිස් වසමේ සෙල්ලබාව ප‍්‍රදේශයේ නිවසක කාමරයක නිදියහනේ මියගොස් සිටි අඹුසැමි යුවළකගේ මළසිරුරු පෙරේදා (07) වැල්ලවාය පොලීසිය මඟින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සිට වැල්ලවාය සෙල්ලබාව ප‍්‍රදේශයට පැමිණ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ ගලප්පත්තිගේ දොන් එරංග සඳරුවන් පෙරේරා (35) නමැති අය සහ ඔහුගේ බිරිඳ වන මාතලේ විල්ගමුව පදිංචි මොරසියදේවගේ සුගන්ධිකා බණ්ඩාරනායක (22) නමැත්තියකි. මෙම යුවළ වැල්ලවාය ප‍්‍රදේශයට පැමිණ සෙල්ලබාව ප‍්‍රදේශයේ නිවසක කාමරයක් කුළියට ගෙන ජීවත්වී තිබෙනවා..

මෙම මරණය සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය වැල්ලවාය වැඩබලන මහෙස්ත‍්‍රාත් මාලනී තෙන්නකෝන් පතිරණ මහත්මිය විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප මහතා ටී.එම් රත්නායක මහතාගේ උපදෙස් පිට උ.පො.ප ආර්.ජී. නන්දපාල මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.

More from GossipMore posts in Gossip »