ජනගහනයෙන් අඩකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා එන්නත් ලබාදී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත එන්නත්කරණය සඳහා පුද්ගලයන් දිරිගැන්වීමට විවිධ උපක්‍රම භාවිත කරනු ලබනවා.
එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තය ඒ සඳහා යොදා ගෙන ඇත්තේ අසම්මත ක්‍රමයක්.
ඒ කොරෝනා එන්නත් ලබා ගැනීමෙන් පසු ඔවුන්ට නොමිලේ ගංජා පානය කිරීමට ලබාදීමෙන්.
වයස අවුරුදු 21 ඉක්මවූ ඕනෑම අයෙකුට ඒ අනුව,කලින් සකස් කරන ලද ගංජා පානය කිරීමට අවස්ථාවක් ලැබෙනවා.
වොෂින්ටන් ප්‍රාන්තය 2012 වසරේදී ග ංජා භාවිතය නීත්‍යානුකූල කරනු ලැබුවා.
කොරෝනා එන්නත්කරණය දිරිගැන්වීම සඳහා වොෂින්ටනයේ මත්පැන් අලෙවිසැල් මගින් එක්වරක් නොමිලේ මත්පැන් ලබාදීමට ද පසුගිය මාසයේ පියවර ගත්තා.






