Press "Enter" to skip to content

රෝගීන් මැරෙන්න හැර වෛද්‍යවරු පැන යති

ඉන්දියාවේ කොරෝනා ඛේදවාචකයේ භයානකම පැතිකඩ නිර්මාණය වෙයි

ක්‍රිතී රෝහල

මෙලෙස දමාගොස් තිබූ රෝගීන්ගේ මළසිරුරුවල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස සංසරණය විය. වීඩියෝ දර්ශන ලබාගන්නා අතරවාරයේ පටිගත කරන්නා පවසන්නේ වෛද්‍යවරයකු, රසායන ශිල්පියෙකු හෝ අඩුමතරමින් සාත්තු සේවකයකු හෝ රෝහල තුළ නොමැති බවයි.

සාත්තු සේවකයකු හෝ රෝහලේ නැත

මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් පැමිණ ඔවුන් මියගොස් නැතැයි සිතා අවදි කිරීමට ගන්නා උත්සාහය වීඩියෝ දර්ශනවලින් පෙනී යයි.

මෙම වීඩියෝ පටය අප්‍රේල් 30 වැනි දින රාත්‍රියේ දිල්ලි නගරයේ පිහිටා ඇති ක්‍රිතී රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී රූපගත කරන ලද්දකි. මියගිය අයගේ ඥාතීන් පවසන්නේ අදාළ වාට්ටුව තුළ වෛද්‍යවරුන් සොයාගැනීම නොහැකි වූ පසු ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු වූ බවයි.

දැඩි සත්කාර එකක්යේ රෝගීන් මිය ගොස් සිටින අයුරු

සමාජ මාධ්‍යෙය් හුවමාරු වූ පෝස්ට්

රෝහලේ දැඩි ඔක්සිජන් හිගයක්

තමන්ගේ ඥාතීන්ගේ සිරුරු හැරෙන්නට වාට්ටුව පාළුවට ගොස් තිබූ බව ඔවුහු පවසති. රෝහලෙහි ඔක්සිජන් හිඟ වීමෙන් පසු රෝගීන් අතහැර වෛද්‍යවරුන් පලාගොස් ඇති බවට ඔවුහු චෝදනා කරති.

More from GossipMore posts in Gossip »