Press "Enter" to skip to content

දරුවන්ට ඔන්ලයින් ඉගෙනගන්න ඩේටා කැපෙන්නැති ඇප් එකක්

පාසල් දරුවන්ට නිවසේ සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සදහා නොමිලේ භාවිත කළ හැකි මෘදුකාංගයක් ඉදිරි සති කිහිපය තුල හදුන්වාදෙන බව ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙම නව මෘදුකාංගය සුප්‍රකට Zoom මෘදුකාංගයට සමාන එකක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එක්ව එය හදුන්වාදෙන බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කලා.

More from GossipMore posts in Gossip »