Press "Enter" to skip to content

කිඹුලෙකු සමග පොරබදා පියනන්ද හිමියෝ ජීවිතයක් බේරා ගනි

කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයකුට කිඹුලෙකු විසින් ප හර දී ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ගම්මානයේ විහාරස්ථානයේ හිමි නමක් විසින් දියට පැන කිඹුලා සමග පොර බදිමින් පහර කෑ පුද්ගලයා බේරාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

දියමයිලගස්වැව ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ 30 හැවරිදි, පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම් විජේරත්න යන අය දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන දිය නාමින් සිට ඇත. හිමිනම දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියදී කිඹුලා විසින් ඇදගෙන යමින් සිටියදී එම පුද්ගලයාගේ දිවි බේරාගෙන ඇත.

සිදුවූ කිඹුල් ප්‍රහාරය හමුවේ පාදයට බරපතළ තුවාල සිදු වූ එම පුද්ගලයා අනුරාධපුර ශීක්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටි. එම අවස්ථාවට මුහුණ දුන් හිමිනමට කිසිදු අනතුරක් මෙහිදී සිදුව නොමැති බව හිමිනම අපට පැවසීය.

මෙම නිර්භීත ක්‍රියාවෙන් ජීවිතයක් බේරාගැනීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් දියමයිලගස්වැව විහාරස්ථානයට ගොස් හිමිනම බැහැ දැක හිමි නමට ප්‍රශංසා කිරීමට ඊයේ (07) කටයුතු කළේය.

More from GossipMore posts in Gossip »