‘Chilling with Russel’ හි සාකච්ඡාවකදී හිටපු නායක T.M. ඩිල්ශාන් ක්‍රිකට් සංවර්ධනය සඳහා විදේශික පුහුණුකරුවකු වන ටොම් මූඩි යොදාගන්නේ මන්දැයි ප්‍රශ්න කළේ ය. හිටපු නායක සනත් ජයසූරිය ද, ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකරුවෙක් වන Shyam Impett ද හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහා වර්තමාන ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආර්නල්ඩ් මෙම සාකච්ඡාව හා එක්ව සිටිය හ.
එහිදී අදහස් දැක්වු T. M Dilshan මෙසේ කියා සිටියේ ය.
“අපි ටොම් මුඩීට දවසට ඩොලර 1900ක් ගෙවනවා, එ කියන්නෙ මාසෙට ඩොලර් 60,000 කට ආසන්නයි.ඒ එක්කම අපි කියනවා අපේ ක්‍රිකට් බිම් මට්ටම (grassroots) හදන්න ඕනි, එකට මුදල් අවශ්‍යයි කියලා. ඉතින් අපිට පුලුවන් නේ මේ ටොම් මූඩීට ගෙවන ගාන අපේ grassroots හදන්න යොදා ගන්න. අපේ පළමු පෙල ක්‍රිකට් හදන්න, ක්‍රිඩා සමාජ දියුණු කරන්න මේ මුදල් පාවිච්චි කරන්න පුලුවන් නෙ?”
“මුඩී ඉතාමත් හොද පුහුණුකරුවෙක් වෙන්න පුලුවන්, නමුත් අපේ ක්‍රිකට් එක ගැන දන්නේ අපිමයි. ඒක හදන්නත් ඔනි අපිමයි. ඒකට තමයි කමිටු පත් කරලා තියන්නේ. එහෙනම් අපිට මුඩීව අපේ පුහුණුකරු කරන්න පුලුවන්, ක්‍රිකට් සංවර්ධනය කරන එක අපේ කට්ටියටම කරන්න පුලුවන් එකෙන් ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්.”
“අපි අපේ ක්‍රිකට් බිම් මට්ටමේ සිට දියුණු කරන්න ඕනි කියලා කියනවා. අපි කමිටුවක් එකක් පත් කරලා තියනව. එකේ ඉන්නේ ලංකාව වෙනුවෙන් හොදටම ක්‍රිකට් ගහපු අය සහ ඉතාමත් පුලුල් දැනුමක් තියන අය. ඉතින් මේ කට්ටියට අපෙ ක්‍රිකට් පද්ධතිය හදන්න බැරි නම් ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට පුලුවන් ද මේක හදන්න? එයා මොනවාද අපේ ක්‍රිකට් structure එක සහා system එක ගැන දන්නේ? ගාල්ලේ, හම්බන්තොට ක්‍රිකට් ගහන ළමයි සහ ඒ අයගෙ ප්‍රශ්න ගැන දන්නේ අපෙම කට්ටිය. අපේ ක්‍රිකට් එක සංවර්ධනය කරන්න පුලුවන් අපෙම කෙනෙකුට මිසක් ඔස්ට්‍රේලියාවේ ඉන්න ටොම් මුඩීට ඇවිත් ඕක කරන්න බැහැ.” යැයි දිල්ෂාන් කියා සිටියේය.