යාපනයේ චුන්නාකම් මයිලන්කාඩු ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු කොරෝනා මර්දන රෝහලක් වෙත යාම ප්‍රතික්ෂේප කොට නිවෙස්වලින් පළායාම නිසා යාපනයේ සෞඛ්‍ය බලධාරීන් 6 දා දැඩි අපහසු තත්ත්වයකට පත්වූහ.
චුන්නාකම් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුව ඔවුන්ව ප්‍රතිකාර සදහා රැුගෙන යාමට සෞඛ්‍ය නිලධාරීන් පැමිණි අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ ගිලන් රථවල පටවා ගෙන ඔවුන්ව රැුගෙන ගිය හොත් සියදිවි හානි කරගන්නා බවයි.
ඒ අතරවාරයේ ඔවුන් නිවෙස්වලින් එළියට පැමිණ සැගවීම නිසා සෞඛ්‍ය නිලධාරීන්ට හිස් අතින් ආපසු යාමට සිදුව ඇති අතර ඔවුන් ඒ පිළිබද යාපනයේ කොරෝනා මර්දන කමිටුවට වාර්තා කිරීමෙන් පසුව ඔවුන්ව අල්ලා ප්‍රතිකාර ස`දහා යොමු කිරීමට යුද හමුදාවට හා පොලීසියට බාර කොට තිබේ.






