Press "Enter" to skip to content

පස් කන්දට යටවූ සිය සිය නිවැසියන් පෙන්වූ සුරතලා

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ නාය යෑමක් හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. මෙම සිදුවීම සැලවූ වහාම ගම්වැසියන් සහ යුද හමුදාව එක්ව විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ක්‍රියා කරනු ලැබුවා.

මෙම සිදුවීම වූ නිවසේ ඇතිවූ සුනඛයා නාය යෑම නිසා පස්වලින් යටවූ ස්ථානය පැමිණියත් අසල සිටි පිරිස් එම සුනඛයා එළවා දමනු ලැබුවා.

එම ස්ථානයෙන් පළා ගිය සුනඛයා යලි නිවස තිබු ස්ථානයට පැමිණ සිය ඉදිරිපස දෙපා වලින් පස් ඉවත් කිරීමට පටන් ගන්නා ආකාරය ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත පිරිස් වෙත නිරීක්ෂණය විය.

මඩ සහිත මිශ්‍රවූ පස් කන්දක් යටවූ විපතට පත්වූවන් සොයමින් සිටි ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත පිරිස් වෙත එය හෝඩුවාවක් විය.

සියලු දෙනා පුදුමයට පත් කරමින් සුනඛයා විසින් පෙන්වූ ස්ථානයේ තිබි නාය යාමෙන් මියගිය එකම පවුලේ සාමාජිකයින්ගේ සිරුරූ සොයා ගැනීමට හැකිවූ බවයි වාර්තා වුයේ.

More from GossipMore posts in Gossip »