Press "Enter" to skip to content

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පියුමිට ඇඳුම් ඇද්ද දොස්තර කවුද?

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් සංවිධානය කිරීම හේතුවෙන් කොටුව පොලිසිය නිරෝධායනය කිරීමට කටයුතු කළ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි හට ඇඳුම් හා අඩුකුඩුම ගෙනත් දී ඇත්තේ දොස්තරවරයෙක් බව පැවසේ.

ඇයට ඇඳුම් සැපයීම මගින් අදාළ දොස්තරවරයා ද නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බවට මේවන විට චෝදනා එල්ලවී තිබේ.

මෙම දොස්තරවරයාගේ විවාහ මංගල්‍යද තිබී ඇත්තේ මෑතකදී වන අතර එයද ෂැංග්‍රිලා හෝටලයේ පවත්වා ඇති බව පැවසේ.

එය තිබී ඇත්තේ ද සංචරණ නීති පැවැති සමයේදී බවට සමාජ මාධ්‍යවල කතිකාවක් ආරම්භවී තිබේ.

ආදාළ යුවලේ රූපලාවන්‍ය කටයුතු සිදුකර ඇත්තේ චන්දිමාල් ජයසිංහ විසින් බවද එම වාර්තාවලම දැක්වේ.

කෙසේවුවද, පියුමි සිය ෆේස්බුක් පිටුව හරහා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇයට ඇදුම් බෑගය ගෙනවිත් දුන්නේ හොඳ පවුල් ජීවිතයක් ගතකරන දොස්තරවරයෙක් බව පිළිගෙන තිබේ.

කෙසේවුවද, ඔහු ඇමති පුතෙකු නම් නොවන බවද ඇය කියා සිටියාය.

More from GossipMore posts in Gossip »