Press "Enter" to skip to content

මගේ ජීවිතය දැඩි අනතුරක.. නුදුරේදීම මා මරා දමාවි…- චමුදිත මාධ්‍ය අමතයි

තමන් මේ මොහොතේ සිටින්නේ බරපතළ ජීවිත තර්ජනයක හා අවදානමක බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

බොහෝ දුරට ඉතා මෑතක දී තමා ඝාතනය කිරීමට වුවද වැඩි ඉඩක් ඇතැයි තමන් ඉතා වගකීමෙන් පවසන බවද ඒ මහතා පැවසීය.

මේ සඳහා සාක්ෂි ගණනාවක් තමන් සතුව ඇති බවත් ඇතැම් සාක්ෂි හෙළි කිරීමටද නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

‘මගේ කොල්ලො අහනවා එයාගේ අතයි කකුලයි ගලවගෙන එන්න එක බයිසිකලයයි යන්නෙ කියලා’ යයි එක් පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇති බවත් තමන්ට දැනගන්නට ඇති බවද ඔහු කියා සිටී.

තවත් කුප‍්‍රකට ජාවාරම් කරුවන් දෙදෙනෙකු හා කිහිප දෙනකු තමනට විරුද්ධව මඩ ප්‍රහාරයක නිරත වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

More from GossipMore posts in Gossip »