Press "Enter" to skip to content

”සංචරණ සීමා පිළිපදින්නේ අහිංසක ජනතාව විතරයි” – උපුල් රෝහණ

එදිනෙදා ආදායම් උපයාගෙන ජීවත් වූ අහිංසක ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරීම සඳහා ආර්ථික දුෂ්කරතා මැද්දේ නිවෙස්වලට වී සිටින නමුත් යමක් කමක් තිබෙන හැකියාවක් තිබෙන බලවතුන් බහුතරයක් සංචරණ හා සෞඛ්‍ය නීති නොපිළිපදිමින් ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වමින් මාර්ගවල ගමන් ගන්නා අයුරු දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

බලපුළුවන්කාරකම් පෙන්වන එම පුද්ගලයන්ගේ හැසිරීම් රටාව මෙරට කොවිඩ් වසංගතය පාලනය කිරීමට බාධාවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වුව ද සියයට හැටක තරම් පිරිසක් සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරන බවද උපුල් රෝහණ මහතා පැවසීය.

මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව එතරම් සුබදායක තත්ත්වයක් නොවූව ද පළමු පෙළ ආසාදිතයන් බොහෝ පිරිසකගේ සංචරණය සීමා වී ඇති ඉදිරි සති දෙක ඇතුළත මෙම රෝගීන් වාර්තාවීමේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් සුබදායක අයුරින් අඩුවීමට ඉඩ තිබෙන බව ද ඒ මහතා පැවසීය.

More from GossipMore posts in Gossip »