Press "Enter" to skip to content

ලුණු ටොන් 20ක් අතුරුදන්

හම්බන්තොට ලංකා ලුණු සමාගම යාපනය ප්‍රදේශයට බෙදාහැරීම සඳහා පෞද්ගලික ලොරියක් මගින් මුද්‍රා තබා යැවූ ලුණු ටොන් 20ක් අතුරුදන් වී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අදාළ ලොරි රථයේ රියදුරු රන්න ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පසුව ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් වැඩිදුර විමර්ශනයක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

More from GossipMore posts in Gossip »