Press "Enter" to skip to content

අලුත උපන් බිළිඳ මැරූ යුවළක් අත්අඩංගුවට

උපන් දවසේම බිළිදෙකුගේ හිසට තුවාල සිදුකොට මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ වඩුක්කෝඩේ තෝල්පුරම් ප්‍රදේශයේ යුවලක් පොලීසිය විසින් ඊයේ (02 )අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසිය විසින් අත් අඩංගුවට ගත් මෙම යුවල මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාව මේ මස 15 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

අදාල කාන්තාව විසින් බිහි කරණ ලද හතර වන දරුවා මෙම දරුවා වන අතර මෙම දරු ගැබ සම්බන්ධයෙන් ස්වාමියා තුළ ඇති වු සැකයක් මත නිතරම පවුල තුළ ආරවුල් පැවති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

කාන්තාව විසින් නිවස තුලම දරුවා බිහිකිරීමෙන් පසුව ඇති වූ අධික රුධිර වහනය හේතුවෙන් ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී වෛද්‍යවරු නිගමනය කොට ඇත්තේ කාන්තාව දරු ප්‍රසූතියක් සිදු කොට ඇති බවයි.

ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්ත්වූ වඩුක්කෝඩෙයි පොලීසිය සැකකටයුතු යුවල අත් අඩංගුවට ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »