Press "Enter" to skip to content

අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්න – පවුල් සෞඛ්‍ය කාර්යාංශය දැනුම් දෙයි

සංචරණ සීමා පවතින කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට කටයුතු කරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවට දැනුම් දී සිටී.

පසුගිය කාලය තුළ එවැනි පසුබිමක් තුළ අනවශය ගැබ් ගැනීම් වාර්තා වූ බවද එම කාර්යාංශ කියයි.

කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් හෝ පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන්ගෙන් ලබා ගන්නා ලෙසයි.

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම මේ වනතුරු තම කාර්යාංශය මගින් අදාල සේවාවන් නො අඩුව ලබා දෙමින් සිටින්නේ යැයි ඇය කියයි.

More from GossipMore posts in Gossip »