Press "Enter" to skip to content

ක්‍රිකට් ක්‍රීඩකයෝ යෝග්‍යතා පරික්ෂණයෙන් ගොඩ යති

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේදී අද (04) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනාම පරීක්‍ෂණයෙන් සමත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

එංගලන්ත තරග සංචාරය සඳහා නම් කර සිටින ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, නුවන් ප්‍රදීප්, ඉෂාන් ජයරත්න සහ ධනංජය ලක්‍ෂාන් අද දින ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටියහ.