Press "Enter" to skip to content

ප‍්‍රබලම ඇමතියෙක් පියුමිගේ දුරකතනයෙන් පොලිස් නිලධාරියා අමතයි.. බසය හරවන්නැයි දන්වයි.. නමුත් ඉහලම නියෝගයෙන් කෙලින්ම ගමනාන්තයට..

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූ පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශට ගෙන යද්දී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබලම අමාත්‍යවරයෙකු පියුමි හන්සමාලිගෙ දුරකතනයට ඇමතුමක් ලබා ගත් බව හිරු රූපවාහිනිය වාර්තා කරයි.

පියුමි හංසමාලිගේ දුරකතනය හරහා එම අමාත්‍යවරයා බස් රථයේ සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ වහාම බස් රථය හරවා ආපසු එන ලෙසයි.

නමුත් පොලිස් නිලධාරියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දැනුම් දී ඇත්තේ මෙම නියෝගය රටේ ඉහලම තැනකින් ලැබී ඇති නිසා ආපසු හැරවීම කෙසේවත් සිදුකළ නොහැකි බවයි.

ඒ අනුව මේ වන විට එම පිරිස අදාල නිරෝදායන මධ්‍යස්ථානයේ නිරෝධයනය වෙමින් සිටී.

More from GossipMore posts in Gossip »