Press "Enter" to skip to content

පවුල් දෙකක 24ක් පොසිටිව් – දෙදෙනෙක් මරුට

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ.

මීට අමතරව තලවාකැලේ, කටුකැලේ වතුයායේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් 13 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්ය.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන නොයෑමෙන් පවුල්වල සාමාජිකයින්ද ආසාදිතයින් බවට පත්වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවය.

මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 795 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 350,958 කි.

More from GossipMore posts in Gossip »