Press "Enter" to skip to content

කොරෝනා ආසාදිත මවක් නිරෝගී දරුවෙකු ප්‍රසූත කරයි

කොරෝනාවෛරසය ආසාදනය වුණු දෙදරු මවක් සිය තුන් වන දරුවා සිසේරියන් සැත්කමකින් බිහිකළ පුවතක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

33 හැවිරිදි මෙම කාන්තාව ඊයේ (ජූනි 2) දිනයේ දී බිහි කළ බිළිඳා විශේෂ ළදරු ඒකකයේ සුවෙන් සිටින බව නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී, විශේෂඥ වෛද්‍ය පමිල අධිකාරි මහතා පැවසීය.

නිකවැරටිය ප්‍රදේශවාසියෙකු වූ මෙම කාන්තාව දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත්වීමේ දී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් අනුව ඇයට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගෙන ඇත.

ඒ අනුව, දරුවා ප්‍රසූත කිරීම සඳහා සිසේරියන් සැත්කමක් සිදු කළ යුතු බවට නිකවැරටිය මූලික රෝහලේ නාරි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර තිබේ.

බිහි කළ බිළිදා විශේෂ ළදරු ඒකකයේ සුවෙන් සිටින බවත් මව කොවිඩ්-19 ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය පමිල අධිකාරි මහතා පැවසීය.

නිකවැරටිය මූලික රෝහලට කොරෝනාවෛරසය ආසාදනයවී දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වුණු සිව්වන කාන්තාව ඇය බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »