Press "Enter" to skip to content

හේරත්ව බංග්ලාදේශයෙන් උස්සයි?

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වශයෙන් පත් කිරිමට නියමිත බවට වාර්තා වේ. බංග්ලාදේශ කි‍්‍රකට් මෙහෙයුම් සභාපති අක‍්‍රම් ඛාන් කි‍්‍රක්බස් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මේ බව ප‍්‍රකාශ කර තිබේ.

බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළ ඩැනියෙල් විටෝරි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉන් ඉවත් වීමත් සමගින් අදාළ ධුරයේ පුරප්පාඩුවක් පැවතිණි. එ් අනුව එ් සඳහා ශී‍්‍ර ලංකාවේ රංගන හේරත් මෙන්ම ඉන්දියාවේ සයිරාජ් බහතුලේ සහ පාකිස්තානයේ සහීඞ් අජ්මාල් කෙරෙහිද බංග්ලාදේශ කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුවී තිබේ. කෙසේ වෙතත් එ් අතරින් රංගන හේරත් කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇති බවද බංග්ලාදේශ කි‍්‍රකට් මෙහෙයුම් සභාපති අක‍්‍රම් ඛාන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් අදාළ තනතුර භාරගැනීම සම්බන්ධයෙන් මේ වනවිට රංගන හේරත් සහ එරට කි‍්‍රකට් ආයතනය අතර සාකච්ඡුා කරමින් සිටන බවද බංග්ලාදේශ කි‍්‍රකට් මෙහෙයුම් සභාපති අක‍්‍රම් ඛාන් කි‍්‍රක්බස් වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.