Press "Enter" to skip to content

“මාස 4 දරු පැටියට පොල්ලකින් ගහලා ” දරුවා දැඩිසත්කාර ඒකකයේ

අද සමාජයේ හුගක් අය ගාව නැතිම දේ තමයි ඉවසීම. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන කියමන මිනිස්සු කිව්වේ කට කහනවට නෙවෙයි. මේ අපි කියන්න යන්නේ ඉවසීමක් නැතිව ඇතිවුණු ආරවුලක් නිසා සිද්ධ වුණු අකරතැබ්බයක් ගැනයි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

මාස 4 ක දරුපැටියගේ ඔලුවට පොලු පහරක් වැදුනම එයා කොහොමද ඒක දරා ගන්නෙ…… ඒක දැක්කම අපේ හිතත් හොදටම රිදුණා. ඒ දෙමාපියන් තමන්ගේ දරුවො තුන් දෙනත් එක්ක සතුටින් හිටියේ. මේ කියන දරු පැටියා බිහි කරලා මාස හතරයි. ඔවුන් එදා වෙනදා මෙන් නිදහසේ ගෙදර හිටියේ.

පියා දරු පැටියා වඩාගෙන ඉන්න අතර මව මුලුතැන් ගෙයි උයමින් සිටියේ. ගෙදරට කව්රුන් හෝ පැමිණ ඇති බව දැණුන හෙයින් ඔවුන් දෙදෙනාම නිවස ඉදිරිපිට ආ විට ඔවුන් දුටුවේ තම සොයුරා සමග නෝක්කඩු වූ තරුණයෙකි. ඉනික්බිති ඔවුනට මොහොතක්වත් සිතන්නට කාලයක් නොදී පොල්ලක් ගෙන එම තරුණයා මවට පහර දුන්නද පියා එය වැළැක්වීමට උත්සාහ ගෙන ඇත. නමුත් අවාසනාවකට එය පතිත වූයේ උරහිසේ හිස තබා ගෙන සිටි මාස හතරේ දරු පැටියාගේ හිස මතටයි.

දැන් දරුවා හුස්ම ගන්නා වූ යන්ත්‍රයක හුස්ම යදිමින් සිටී. වර්තමානයේ බොහෝ තරුණයන් ආවේගකාරීය. ඉතා සුලු ප්‍රශ්ණයකටත් කඩු, පොලු, කිනිසි අතට ගෙන මහ විනාශයක් කර ගනී.

එයින් පසු ඔවුනට උරුම වෙන සිපිරි ගෙය ගැන ඔවුන් පසු තැවෙන්නේ ඉන්පසුවය. මා මෙම රෝහල තුළ ආවේගය පාලනය කර නොගෙන ආවේගය නිසා තම අතින් මිය ගිය මිනිසුන් නිසා දහස් වරක් පසුතැවිලි වූ මිනිසුන් දැක ඇත.

ඔවුන්ගේ ආවේගය නිසා, සමාජය ඔවුනට මිනී මරුවායැයි කියයි. ඒ පවුලම එම දෘෂ්ඨි කෝනයෙන් බලයි. තම ජීවිතයට ආදරය කරන කව්රු හිටියත් අන්තිමට තමා තනිවෙයි. ඒ නිසා තරුණ ඔබ මුලින් අවබෝධ කරගන්න. ප්‍රශ්ණයකදී සෙකන්ඩ් වීම නොව, ඉවසීම තුළින් ජයග්‍රහණය ලබා ගන්න. ආවේගයෙන් දිනාගත් ලෝකයක් නැත, සිපිරි ගෙය හැරෙන්නට…

More from GossipMore posts in Gossip »