ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්ව ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසාවෙනි. කෙසේ වෙතත් බංග්ලාදේශ තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කළ අතර මේවනතුරු එංගලන්ත තරගාවලියට සහභාගීවන අවසන් සංචිතය නම්කර නොමැත.
බංග්ලාදේශ තරග සංචාරය අතරතුර දී ඇන්ජලෝගෙන් මේ ගැන විමසීමක් කර ඇති බවද දැනගන්නට ලැබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකුගේ අවශ්‍යතාව තදින්ම දැනුනු නිසා විය යුතුය.
Published in Sports
More from SportsMore posts in Sports »