Press "Enter" to skip to content

නිවාස සංකීර්ණයකින් කොවිඩ් පොකුරක් මතු වෙයි – අසාධිතයන් 105ක්

කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව තහවුරු වුයේ එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ PCR පරීක්ෂණ 120 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 කින්ය.

ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ (28) යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.

මේ අතර මඩකලපුව, ආරයන්පතිහි පිහිටි 3000ක පමණ සේවක සේවිකාවන්ගෙන් යුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

ඉකුත් 27 වැනිදා සේවක සේවිකාවන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී සේවකයින් 71 දෙනෙකු ආසාදිත බවට හදුනා ගැනුණි.

More from GossipMore posts in Gossip »