Press "Enter" to skip to content

සංචරණ සීමා අස්සේ, කසිප්පු ප්‍රවාහනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ දියණිය අත්අඩංගුවට

හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකගේ දියණියක්.

එම සැකකාරියක් දිගින් දිගටම මෙම ක්‍රියාව කරන්නේ දැයි සෙවීමට පොලිස් පරීක්ෂක ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වනවා.