Press "Enter" to skip to content

වෙසක් උත්සවය සමරා විශේෂඥ අක්‍ෂි වෛද්‍ය මලරවන්ගෙන් ශල්‍යකර්ම 2000 ක පිංකමක්

මෙවර වෙසක් සමය නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය එම්. මලරවන් මහතා විවිධ අක්ෂි රෝගවලින් පෙළෙන ඉතාම දුප්පත් රෝගීන් 2000 කට අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමේ පුණ්‍යමය කටයුත්තක් ආරම්භ කොට තිබේ.

‘‘දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර‘‘ වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටින මලරවන් වෛද්‍යවරයා යාපනය ශික්ෂණ රෝහල තුළ සෑම වසරකම වෙසක් උත්සවයක් සංවිධානය කිරීමට පුරෝගාමීව කටයුතු කරන වෛද්‍යවරයෙකි.

මලරවන් මහතා පැවසුවේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තමන් දිවා ආහාර විවේකය හා තේ පානය සඳහා ඇති කාලයද වැයකොට විවිධ අක්ෂි ආබාධ සහිත රෝගීන් 2000 කට නොමිලයේ සැත්කම් සිදු කරගෙන යන බවත්, ඊට සහභාගි වන්නන්ගෙන් විශාල පිරිසක් දකුණු ප‍්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන සිංහල ගොවි ජනතාව බවත්ය.

doctormalarawan444
More from GossipMore posts in Gossip »