Press "Enter" to skip to content

සිහිසුන්ව නිවස තුළ ඇද වැටීමෙන් 6 හැවිරිදි දරුවෙකු මිය යයි

උණ රෝගය වැළඳී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය යාපනයේ උඩුප්පිඩි ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 6 ක දරුවාට කොරෝනා රෝගය වැළදී ඇතැයි යන සැකය මත එම දරුවාගේ මෘත ශරීරය පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වන තුරු දෙමව්පියන් වෙත භාර නොදීමට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (27 දා* තීරණය කොට තිබේ.

යාපනයේ ඇමෙරිකන් මිෂන් විද්‍යාලයේ ඉගෙනුම ලබන පූජිතරන් සප්තිකන් නැමති මෙම ශිෂ්‍යයා උණ රෝගය වැළඳීමෙන් පසුව ඔහුගේ දෙමව්පියන් ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දී ඇති අතර එම දරුවා හදිසියේම සිහිසුන්ව නිවස තුළ ඇද වැටීමෙන් පසුව රෝහල ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. යාපනය පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

More from GossipMore posts in Gossip »