Press "Enter" to skip to content

කොවිඩ් සුව වී නිවසට පැමිණි මව කොවිඩ් නිසා මරුට

කොවිඩ් වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි තිදරු මවකට යළි කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇත්තේ දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 89ක් වියැති තිදරු මවකි. ඇය කොවිඩ් වෛරසය ආසාදනය විමෙන් හික්කඩුව කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත ඇතුලත්කොට ඇත. කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් ප්‍රථිකාර ලබාගෙන නිවසට පැමිණ ඇත. නිවසේ සති දෙකක පමණ කාලයක් ගතකොට ඇති අතර යලි උණ රෝගය වැළදි හුස්ම ගැනිමට අපහසුවි පුද්ගලික රෝහලක් වෙත රැගෙන යමින්සිටියදි මියගොස් ඇත.

More from GossipMore posts in Gossip »