Press "Enter" to skip to content

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසීමෙන් මරුට

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 මර්දන එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් බීබීසී පුවත් සේවයේ නිවේදිකාවක් වන ලීසා ෂෝ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

44 හැවිරිදි ෂෝ පසුගිය සතියේ රෝහල්ගත වී ඇත්තේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනි. එහිදී සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇයගේ රුධිරය කැටි ගැසීම හේතුවෙන් එම රෝගී තත්ත්වය ඇතිවී ඇති බවය.

ඇය අද(28) දින රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව වාර්තා වේ.

අද පැවැත්වීමට නියමිත මරණ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව නිවැරදිව දැන ගත හැකි වෙතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසීමෙන් මරුට