Press "Enter" to skip to content

‘අයිස්’ මත්ද්‍රව්‍ය වැඩි මාත‍්‍රාවක් ගත් 34 හැවිරිදි සිව්දරු මවක් මරුට

‘අයිස්’ මත්ද්‍රව්‍ය වැඩි මාත‍්‍රාවක් ගැනීමෙන් 34 හැවිරිදි සිව්දරු මවක් මියගොස් ඇත. අම්මා අවුරුද්දක විතර කාලයක සිට මත්ද්‍රව්‍යවලට පුරුදු වී සිටියා යැයි ඒ පිළිබඳව කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී ඇයගේ පළමු විවාහයේ 14 හැවිරිදි දියණිය කියා සිටියාය.

මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මිල්ලගහලන්ඳේ පදිංචිව සිටි හේවා දේවගේ සනෝජා කල්හාරි නම් අයෙකි.

කළුතර තොටමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්. ඒ කුමසාරු මහතා ඉදිරියේ පෙරේදා (25 දා) සවස පැවැති එම හදිසි මරණ පරීක්‍ෂණයේ දී තවදුරටත් සාක්‍ෂි දුන් දියණිය මෙසේද කීවාය.

මියගොස් ඇත්තේ මගේ මවයි. මවත් ඇගේ අනියම් පුරුෂයා වන සුරේෂ් යන අයත් ඒ දෙදෙනාගේ දරුවන් තිදෙනාත් එකම ගෙදර ජීවත් වුණා. මගේ තාත්තා අම්මාගෙන් වෙන්වෙලා අවුරුදු 12 ක් වෙනවා. අම්මා ඊට පස්සේ සුරේෂ් කියන අය සමඟ ජීවත්වුණා.

අම්මා දැනට අවුරුද්දක පමණ කාලයක ඉඳලා මත්ද්‍රව්‍යවලට පුරුදු වී සිටියා. අම්මා මත්ද්‍රව්‍යවලට පුරුදු වුණේ ඇගේ අනියම් පුරුෂයා වන සුරේෂ්ගෙන්.

ඉකුත් මැයි 19 උදේ ඉඳලා 23 වැනිදා වන තෙක්ම අම්මාත් බාප්පාත් එක දිගට මත්ද්‍රව්‍ය ගත්තා. මා පමණක් නොව ඒ දෙන්නාගේ දරුවන් ඉදිරියේත් මත්ද්‍රව්‍ය ගත්තා.

මැයි 23 වැනි දින අම්මා බාප්පා එක්ක රණ්ඩු වුණා. ගමේ අය හිතුවේ අම්මාට අමනුෂ්‍ය දෝෂයක් කියලයි. ඒ නිසා අම්මාව කට්ටඩියෙක් ළ`ගට අරගෙන ගියා. අම්මාට අමනුෂ්‍ය දෝෂයක් නැහැ. මත්ද්‍රව්‍ය අරගෙන කියලා කට්ටඩියා කියා තිබුණා. ඉන් පස්සේ 1990 ගිලන් රථයකින් අම්මාව

නාගොඩ රෝහලට අරගෙන ගියා. මාත් ඒ සමඟම ගියා. ඒ වෙනකොටත් අම්මා මියගිහින් කියල වෛiවරු කීවා.

මෙහිදී කොලොම්බුගම තල්වත්තගේ සුරේෂ් (අවු. 29) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ කීය.

මම රැුකියාව ලෙස ධීවර රැුකියාව කරනවා. මියගොස් සිටින අය සමඟ මම අවුරුදු 12 ක් ජීවත්වුණා. මට දාව ඇයට දරුවන් තිදෙනෙකු සිටිනවා. ඇය මීට පෙර වෙනත් අයකු සමඟ විවාහ වී සිටියා. ඔහු හිරේ ගියාට පසුව මම ඇය සමඟ සම්බන්ධ වුණා.

මමත් ඇයත් මත්ද්‍රව්‍යවලට පුරුදුවෙලා අවුරුද්දක් විතර වෙනවා. ඉකුත් 18 වැනිදා ගෙවල් ළඟ සිටින ධනුක කියලා යාළුවෙක් මට අයිස් ටිකක් නිකන් ගෙනල්ල දුන්නා. ඊට පස්සේ මම බිරිඳත් එක්ක ඒවා ගත්තා. දවස් හතරක් තිස්සේ අපි මත්ද්‍රව්‍ය ගත්තා.

මැයි 23 වැනිදා දහවල් 11.30 ට විතර බිරිඳ මට ගැහුවා. ‘ආරූඪ වෙලා, දෙවියො කෝපවෙලා’ වගේ කියල අහල පහළ අය කිව්වා. මට ගේ ඇතුළෙ ඉන්න බැරිම තැන මම එළියට බැහැලා අපේ ගෙදරට ගිහින් මේ බව කිව්වා. ඊට පස්සෙ මම අපේ ගෙදර නිදාගත්තා. 24 වැනිදා බිරිඳ මියගිහින් කියලා මට ආරංචි වුණා. ඇය මියගියේ ‘අයිස්’ වැඩිපුර ගත් නිසා කියල මම හිතනවා.

මෙහිදී කළුතර නාගොඩ රෝහලේ විශේෂඥ අධිකරණ වෛi නිලධාරි ශ‍්‍රියන්ත අමරරත්න මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්‍ෂි සලකා බැලූ මරණ පරීක්‍ෂකවරයා මෙය අයිස් මත්ද්‍රව්‍ය අධි මාත‍්‍රාවක් ගැනීමෙන් සිදු වූ මරණයක් බව නිගමනය කළේය. පයාගල පොලිසියේ සැරයන් (55245) නිව්ටන් මහතා මෙහිදී සාක්ෂි මෙහෙයවිය.

More from GossipMore posts in Gossip »