Press "Enter" to skip to content

අත්තනගල්ලට එන්නත් දීම හදිසියේ නවත්වයි

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් එකොළහක පදිංචි ජනතාවට හෙට(28) සිට දින තුනක් සයිනොෆාම් එන්නත් ලබා දීමේ තීරණය හදිසියේ අවලංගු කොට ඇති බව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සංවිධානයෙන් හෙට (28) සිට දින තුනකදී ග්‍රාම සේවා වසම් එකොළහක පදිංචි ජනතාවට සයිනොෆාම් එන්නත් ලබා දෙන බවට එම ජනතාව දැනුම්වත් කොට තිබිණ.

එන්නත් ලබා දීම අත්හිටුවා ඇත්තේ ඇයි දැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා කියා සිටියේ හදිසියේම අද දහවල් එන්නත් ලබා දීම අත්හිටුවා ඇති නමුත් හේතුව තමන් නොදන්නා බවයි.

More from GossipMore posts in Gossip »