මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ පිරිස් වෙත එකී දීමනා පමණක් ලබාගැනීමට හැකිවන පරිදි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තැපැල් මූලස්ථානය සදහන් කළේ හෙට (28) සහ අනිද්දා (29) පෙරවරු 9.30 සිට පස්වරු 2 දක්වා එම දීමනා පමණක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, ගොවි/ධීවර විශ්‍රාම හැඳුනුම්පත, වැඩිහිටි/මහජනාධාර ගෙවීම් සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත උපයෝගී කරගෙන තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව ඇත.






