Press "Enter" to skip to content

විසි හැවිරිදි තරුණියක් කොවිඩ් මාරයාට බිළි වෙයි

හාලි ඇල පදිංචිව සිටි විසි හැවිරිදි තරුණියක් ද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා.

බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 24 වන දා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොවිඩ් ආසාදනය වීමත් සමග රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා ඇතිවූ හෘද හා පෙනහලු අකර්මන්‍යතාවක් හේතුවෙනුයි.