රටට විපතක් සිදු වී ඇති වෙලාවක ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවී යාම කනගාටුදායක තත්ත්වයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
රටේ තත්වය මත එය සිදු නොකළ යුත්තක් බව පැවසූ උන්වහන්සේ පෞද්ගලික කාරණාවකට විදෙස් ගත වීමට බලපෑම් කළ නොහැකි බවද පැවසූහ.
මීට පෙරද බැසිල් රාජපක්ෂ මහතා මෙවන් තත්ත්වයන් ඇති වූ විට රටින් පිට වූ බවද පවසන උන්වහන්සේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ තම වැඩ කටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවද කියා සිටියහ.
සිය විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් හිමියෝ මෙම අදහස් පල කරන ලදී.






