Press "Enter" to skip to content

පෞද්ගලික රෝහලකින් පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙකු ඊයේ (26) දිනයේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි.

එම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිකාස් නැමති අයෙකු බව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ සවස් කාලයේදී ඔහු පළාගොස් ඇත.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් 0718591579 දරන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.