Press "Enter" to skip to content

මිස් කෝල්’ එකෙන් සෙට් උන පෙම්වතා නිවසට පැමිණ 15 හැවිරිදි පෙම්වතිය දුෂණය කරලා

මගහැරුණු ජංගම දුරකථන ඇමතුමකින් ඇතිකරගත් පේ‍්‍රම සම්බන්ධතාවයක් මත පහළොස් හැවිරිදි බාලවයසක්කාර දැරියකගේ නිවසට පැමිණ එම දැරිවිය දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණයක් ආරම්භකොට ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙකී දැරිවිය යක්කලමුල්ල ඇල්ලඉහල, එනසාල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු පහළොවක් හා මාස 9ක් වියැති පාසල් දැරියකි. මෙකී දැරිය එම ප‍්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන අතර මීට වසරකට පමණ ඉහතදී මගහැරුණු ජංගම දුරකථන ඇමතුමකින් පෙම්වතා දැරිය සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇත.

පෙම්වතා අකුරැස්ස බංගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැරියගේ මව්පියන් දෙදෙනාම කුලී වැඩ කරන අය වෙති. ඔවුන් කුලී වැඩවලට ගොස් සිටින අතරේ සැකකාර පෙම්වතා දැරියගේ නිවසට දින දෙකක් පැමිණ ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

දැරියගේ නිවස තුළදී ඇය දූෂණයට ලක්කොට ඇත. මෙකී දැරිය අධිකරණ වෛiවරයා වෙත යොමුකිරීමෙන් පසු දූෂණයට ලක්කොට ඇති බව තහවුරුවී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »