දෛනිකව තහවුරු කළ කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ තොරතුරු වාර්තාව ඊයේ (24) රාත්‍රියේ ද නිකුත් වුණා.
ඒ අනුව නව කොවිඩ් මරණ 33ක් අලුතෙන් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තවේන්තුව නිවේදනය කළා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව මෙම මරණ 33න් මරණ 05ක් ඊයේ (24) දිනයේ සිදු වී ඇති අතර ඉතිරි මරණ 28 වාර්තා වී ඇත්තේ මැයි 17 වැනි දා සිට 23 වැනි දා දක්වා යි.
මිය ගිය පුද්ගලයින්ගෙන් 05 දෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂයි.
එමෙන්ම මෙම මරණ 33 අතර වයස අවුරුදු 104ක කාන්තාවක් ද සිටින 22 වැනි දා මරණයට පත් වූ ඇය සැළකෙන්නේ මෙරට කොවිඩ් 19 ආසාදිතව මියගිය වයස්ගතම පුද්ගලයා ලෙස යි.
මෙම නව මරණ 33ත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගොස් තිබෙනවා.






