Press "Enter" to skip to content

නිරෝධානයේ සිටි පොලිස් නිලධාරියෙක් ගමේ වොලිබෝල් ගහලා

පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතෙක් නිවසේ නිරෝධායනය කර සිටි ඇතිමලේ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් පිරිසක් සමග වොලිබෝල් ක්‍රීඩා කිරීම නිසා ඇතිමලේ 28 කොටස ප්‍රදේශයේ පවුල් 12ක් පමණ නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ කියයි.

එම පොලිස් නිලධාරිවරයාගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුට කොවිඩ් වැලදී ඇති අතර ඔහු සමග වොලිබෝල් ක්‍රීඩා කළ පුද්ගලයන් (23වැනිදා)පීසීආර් පරීක්ෂණ සිදුකළ බවද සෞඛ්‍ය අංශ කීය.