Press "Enter" to skip to content

බිරිඳට කොරෝනා තිබියදීත් වැඩ ගන්නවා – සැමියා දරු තිදෙනා සමග ඇගලුම් කම්හල ළග විරෝධතාවක

කිළිනොච්චියේ ඇඟලූම් කම්හලක් ඉදිරිපිට පෙරේදා (20 දා) පියකු සිය කුඩා දරුවන් තුන්දෙනා සමග විරෝධතාවක් ආරම්භ කොට තිබේ.

විරෝධතාවයේ නිරත පුද්ගලයා කියා සිටින්නේ තම බිරිඳට ඇඟලූම් කම්හල තුළදී කොරෝනා රෝගය වැළඳී තිබුණද ඒ බව නොදන්වා තම බිරිඳගෙන් එහි පාලකයන් වැඩ ගන්නා බවයි.

මේ අන්දමට කොරෝනා රෝගය වැළඳුණු 270 ක් පමණ මෙම ඇඟලූම් කම්හලෙන් හමු වී ඇතත් ඔවුන්ට නිවාඩු ලබාදී කම්හල වසා දැමීමට වහාම බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටී.

මෙම ඇඟලූම් කම්හලේ පාලකයන්ගේ වරද නිසා නිවෙස්වල ජිවත් වන පුද්ගලයන් කොරෝනා රෝගයෙන් දැඩි තර්ජනයකට පත්ව සිටින බවද කිලිනොච්චියේ අක්කරායන්කුලම, මීයන්කුලම ගම්මානයේ සිට ඇඟලූම් කම්හල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන මොහු ප‍්‍රකාශ කොට සිටී.

එම ඇඟලූම් කම්හල් පාලනාධිකාරියේ පිරිසක් විරෝධතාවයේ නිරත පුද්ගලයා සමග සාකච්ඡා කොට ඇතත්, ඔහු සිය කුඩා දරුවන් තුන්දෙනා සමග දියත් කොට ඇති විරෝධතාව අවසන් කොට නොමැත.

More from GossipMore posts in Gossip »