වේයන්ගොඩ ප්‍රදේශයේ නවාතැන්පලක සිටි එක්දරු මවක් රවටා යතුරුපැදියකින් දිවුලපිටිය ප්‍රදේශයේ නිවසකට රැුගෙන විත් බලහත්කාරයෙන ඇයට අතවර කිරීම සහ මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි දිවුලපිටිය පොලිසිය ඊයේ (20දා* පැවසීය.
23 හැවිරිදි එක්දරු මව කුලී නිවසක සැමියා සමඟ පදිංචිව සිට ඇති අතර දරුවා සැමියාගේ මව බාරයේ සිට ඇත. සැමියා රැුකියාව සඳහා පිටත්ව යෑමෙන් අනතුරුව රජය විසින් පැනවූ සංචරණ සීමා හේතුවෙන් නිවසට පැමිණීමට නොහැකි වී තිබේ.
පැමිණිලිකාරියට හමු වූ කපුවකු මාර්ගයෙන් සැකකරු දුරකථන ඇමතුම් මාර්ගයෙන් හඳුනාගෙන තිබේ. පසුව අදාළ සැකකරු පැමිණිලිකාරියට පවසා ඇත්තේ තමාගේ මව සමඟ නිවසේ කල්ගත කිරීමටත් තවත් වැඩ කිහිපයක් කිරීමටත් ඇති බවය. සැකකරුගේ මවට පැමිණිලිකාරියව බැලීමට අවශ්‍ය බව පවසා පැමිණිලිකාරියව රවටා යතුරු පැදියක නංවාගෙන දිවුලපිටිය, නාවාන ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසක් වෙත රැගෙන ගොස් ඇත.
අම්මා නිවස තුළ සිටිනවා යැයි පවසා පැමිණිලිකාරියව නිවස තුළට ගෙන නිවසේ දොර වසා සැකකරු පැමිණිලිකාරියට අතවර කර ඇති බවට පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ. සැකකරු පැමිණිලිකාරියට පසුව ජංගම දුරකථන ඔස්සේ තර්ජනය කිරීම හේතුවෙන් විද්්‍යුත් නාලිකාවක ආධාර ඇතිව පෙරේදා (19දා* දිවුලපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.
පැමිණිලිකාරියගේ ප්‍රකාශ මත සැකකරුව හඳුනාගෙන ඇති බවත්, සැකකරු මුදල් ඔට්ටුවට බූරුවා ගසන්නෙකු බවට අනාවරනය වී ඇතැයි ද පැවසූ දිවුලපිටිය පොලිසිය සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන බව පැවසීය.






