Press "Enter" to skip to content

ඥාතීන් වැල කන අතරේ සුරූපිනියට අතවර කළ කපුවා මාට්‌ටු

ශාන්ති කර්මයක් කරන මුවාවෙන් දේවාලය තුළදීම 45 හැවිරිදි රූමත් කාන්තාවක් දූෂණය කරන ලද 60 හැවිරිදි විවාහක දේවාල කපුවෙක් අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව දූෂණයට ලක්වූ කාන්තාව කොළඹට ආසන්න ප‍්‍රදේශයක පදිංචිව සිටින අතර ඇයගේ ඥාතීන් ශාන්ති කර්ම කරවා ගැනීමට සහ පේන ශාස්ත‍්‍ර ඇසීමට පසුගිය කාලයේ මෙම කපුවාගේ දේවාලයට පැමිණ ඇත. ඒ වනවිට මෙම කාන්තාවගේ සැමියා විදේශගතව සිට ඇත.

එම කාලය තුළ කපුවා ඇයගේ නිවසටද ගොස් විවිධ ආරක්ෂාවන් සහ ශාන්ති කර්ම කර රුපියල් ලක්ෂ ගණනක් ලබාගෙන ඇති බවත්, පසුව සැමියා ලංකාවට පැමිණ ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ අතර ඥාතීන් සමග ඇයද වඳුරඹ කපුවාගේ දේවාලයට පැමිණි අවස්ථාවේ කොළඹ වැල වරකා නැති නිසා තමාගේ වත්ත පහළට ගොස් වැල වරකා කන ලෙස කපුවා ඥාතීන්ට පවසා කාන්තාව පමණක් දේවාලයේ රඳවාගෙන ඇත. පසුව ඇය දේවාලය තුළට ගෙන කාමරයේ දොර වසා ව්‍යාජ ආරුඪ බවක් පෙන්වමින් බෙල්ලට පිහියක්ද තබා ඇය බියට පත්කොට අතවර කර ඇත. එහෙත් ලැජ්ජාව නිසා ඇය ඒ බව එම අවස්ථාවේ කිසිවකුට පවසා නැත.

පසුව ඇය මේ බව සොහොයුරියට පවසා පසුව එම ප‍්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිලි කර ඇත. පසුව වදුරඹ පොලිසිය ඒ අනුව සැකකාර කපුවා, පිහියද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

වඳුරඹ පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. රුක්මන් කුමාර, උ.පො.ප. අබේරත්න, පො.සැ. වරුන් වන ජයන්ත (59229, අමරවර්ධන (52288, කාන්තා හා ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කා.සැ. අරුණි යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පෙරේදා (18 දා* බද්දේගම මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

More from GossipMore posts in Gossip »